අගමැති මහින්ද ගෙදර යයි

අගමැති මහින්ද ගෙදර යයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වන අතර, ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (04) ප්‍රකාශයක් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචිමාර්ග වලින් පැවසේ.

මේ අතර, ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ (02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති ව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

ඒ අනුව ,ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද එහිදී එකඟතාවකට පැමිණි බව වාර්තා වේ.