සාමකාමී විරෝධතාවලට එක්සත් ජනපදයේ සහය

එක්සත් ජනපදය සෑම අංශයකින්ම සංයමයක් අපේක්ෂා කරන බවත් සාමකාමී විරෝධතා සඳහා සහාය දක්වන බව එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් මහත්මිය අවධාරණය කරයි.
ජුලී චුන්ග් මහත්මිය ටුවිටර් සටහනක් තබමින් මේ බව කියා සිටියි.
වැඩි දුරටත් ටුවිටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ, සාමකාමී විරෝධතාවයක නියැලීමේ නිදහස තිබිය යුතු බවත්, එක්සත් ජනපදය සෑම පැත්තකින්ම සංයමයක් ඉල්ලා සිටින අතර සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටින බව වැඩි දුරටත් කියා සිටියි.


