හර්තාලය නිසා රටම අඩපණයි

හර්තාලය නිසා රටම අඩපණයි

ජනපති අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් වෘතීය සමිති හා සිවිල් සංවිධාන විසින් ආරම්භ කර ඇති හර්තාල් ව්‍යාපාරය නිසා සමස්ත රටේම කටයුතු බොහෝ සෙයින් අඩාල වී තිබේ.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ ආයතන වසා දමා තිබේ. පොදු ප්‍රවාහනයද අඩාල වි තිබේ. කඩ සාප්පු වසා දමා ඇති අතර මාර්ගයන්හි වාහන ගමනයද සීමා වී තිබේ.