මම කියපුදේ ගෝඨාභය ඇහුවේ නෑ, – නාලක ගොඩහේවා

මම කියපුදේ ගෝඨාභය ඇහුවේ නෑ, – නාලක ගොඩහේවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය කාලයේ ක්‍රියාකළ අත්තනෝමතික ආකාරය සහ වර්තමාන ආර්ථික අර්බුදයට අඩිතාලම යෙදුවේ මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයාගේ කාලයේ බව ජනමාධ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා බීබීසී සන්දේශය වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබේ.

“මම ජනාධිපතිට කිව්වා ආචාර්ය පී.බී . ජයසුන්දර යෝජනා කරන බදු කපා හැරීමෙන් අපිව අර්බුදයකට ලක් කරන බව මම දැන හිටියා. මම ඒක අවස්ථා ගණනාවක විවෘතව කිව්වා.” යනුවෙන් ය. එසේම වර්තමාන අර්බුදයට වියත්මග සංවිධානය සම්බන්ධ නැති බවත් අවධාරණය කරන ඇමතිවරයා කාබනික ගොවිතැන සම්බන්ධයෙන් වැඩිදුරටත් ජනාධිපතිවරයා පාවා දී තිබේ.

ඔහු ඒ බව සඳහන් කරන්නේ “අපි කවදාවත් කිව්වේ නෑ වසරකින් කියලා. සෞභාග්‍යයේ දැක්මේ අපි ලියපු එකේ ඒක පැහැදිලිව කියලා තියෙනවා වසර 10කින් කියලා.” යනුවෙනි.

එසේම මේ වනවිට පවතින ආර්ථික අර්බුදය 2009 වෙන විට මුදල් ඇමතිව සිටි මහින්ද රාපක්ෂ දක්වා ඉතිහාසය පදනම් වෙන බව ප්‍රකාශ කර ඇත. “මේ අර්බුදයට ඉතිහාසයක් තියෙනවා. ඒක ආරම්භ වුණේ 2009 සිට යුද්ධයෙන් පසුව අපි වාණිජ ණයවලට යන්න ගත්තා කෙටිකාලීන ණය සඳහා. සෑම වසරකම ඩොලර් බිලියන 2ක් විතර ණය ගත්තාම අපට නිසි ක්‍රමවේදයක් තිබ්බේ නෑ ණය ආපසු ගෙවන්න මුදල් ජනනය කිරීමට.” යනුවෙන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

https://www.bbc.com/sinhala/sri-lanka-61298028