මහ රෑත් අරගලකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්

පැල්වත්ත පාලම් තුන මංසන්ධිය ප්රදේශයේ ඊයේ (06) රාත්රීයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ, විරෝධතාවයේ නිරතව සිටි පිරිසකට පොලීසිය විසින් කදුළු ගෑස් ප්රහාරයක් එල්ල කිරීමත් සමඟයි.
කදුළු ගෑස් ප්රහාරය එල්ල කිරීමට සුළු මොහොතකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් දුරදිග යාමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් විරෝධතාවයේ නියැලී සිටි පුද්ගලයෙකුට පහරදී තිබේ.
එම අවස්ථාවේ කුපිත වූ විරෝධතාකරුවන් ඉන් පලවා හැරීමට පොලීසිය විසින් කදුළු ගෑස් ප්රහාර කිහිපයක්ම එල්ල කර තිබේ.
ඉන් කුඩා දරුවන් ඇතුළු වැඩිහිටි පුද්ගලයින් ද අසාධ්යවී ඇති අතර, ඔවුන්ව කඩිනමින් ගිලන්රථ මගින් රෝහල් වෙත යොමු කිරීමට විරෝධතාවයේ නියැලී සිටි පුද්ගලයින් පියවර ගෙන තිබේ.
දර්ශන – Hiru News

