මෛත්‍රීගේ අලුත්ම ගේම් එකට සජිත්ට සහ අනුරටත් ආරාධනයක්

සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එක්වන්නැයි මෛත්‍රීපාල සිරිසේන විසින් ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජන බලවේගයට ආරාධනා කර තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්, “සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම” යන ශීර්ෂපාඨයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක ට හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත එම ලිපි නිකුත් කරමින් ඒ බව දැනුම්දී තිබේ.
ප්රබුද්ධ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා වගකිව යුතු දේශපාලන පක්ෂ ලෙස එම සාකච්ඡාවට සහභාගී වන ලෙස වැඩිදුරටත් එම ලිපිවල සඳහන් ය.
වර්තමානයේ රටේ උද්ගත වී ඇති ආර්ථික, සමාජීය හා දේශපාලනික අර්බුදයන් තුළ සාමාන්‍ය ජනතාවට බලවත් අපහසුතාවයන්ට පත්වී සමස්ත දේශපාලන ධාරාවන්ට ම චෝදනා එල්ල කරමින් සිටින බවත් එම තත්ත්වය වටහා ගෙන අර්බුද අවස්ථාවේ ලබාදිය හැකි හොඳම විසඳුම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත අර්බුද විසඳීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිම බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා එම ලිපිවලින් අවධාරණය කර තිබේ.

