සුපිරි හෝටලයක පිපිරීමක්

සුපිරි හෝටලයක පිපිරීමක්

කියුබාවේ හවානා අගනුවර, සුඛෝපබෝගී හෝටලයක පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීමෙන් 22 ක් මියගිය බවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි.

පිපිරීම සිදුවූයේ පැරැණි හවානා නගරය යන නමින් හැඳින්වෙන ප්‍රදේශයේ පිහිටි සරගෝටා නමැති තරු පහේ හෝටලයක.

පිපිරීමෙන් හෝටලයේ මහතල් කීපයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පිපිරීම සිදුවී ඇත්තේ ගෑස් කාන්දුවක් හේතුවෙන් යැයි මේ වනවිට අනාවරණය වී ඇත.

පිපිරීමත් සමඟ කඩා වැටුණු මහල්වල සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීම දිගටම සිදුවෙමින් පවතී.

https://bit.ly/38gpG8C

COMMENTS