අගමැති මහින්ද හෙට ඉල්ලා අස්වෙයි ?

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ (06) වනදා පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී අගමැතිවරයා ඉල්ලා අස්වීමට කැමැත්ත පළකර ඇති බවට එහිදී වාර්තා වුණා.
රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ,අගමැතිවරයා ඉල්ලා අස්වන බව කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි වාර්තාවේ.
අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ කැබිනට් මණ්ඩලය ද ඉබේම අහෝසි වනු ඇත.
රට තුළ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදයත්, ජනතාවගෙන් එල්ල වී ඇති දැඩි විරෝධයක් හමුවේ රටේ ආර්ථිකය පවත්වා ගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
අර්බුදකාරි තත්වය හමුවේ සංචාරකයන් නොඑන බවත්, කර්මාන්ත ශාලා පවා වැසීමෙන් බරපතළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
එහිදී අහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා අර්බුදයට විසඳුම තමා ඉල්ලා අස්වීම නම් අගමැති ධුරයෙන් ඉවත්ව විපක්ෂයට යාමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.

