ඇඳිරි නීතිය 12 වනදා උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ

ඇඳිරි නීතිය 12 වනදා උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා තිබෙන ඇඳිරි නීතිය 12 වන බ්‍රහස්පතින්දා පෙරවරු හත දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව බලය ලත් නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද ලිඛිත අවසර පත්‍රයක් නොමැතිව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු ස්ථානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැදී සිටීමට අවසර නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

මේ අතර මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

COMMENTS