මහනුවර ගෝඨාගෝගමට පහරදුන් 4ක් රිමාන්ඩ්

මහනුවර ගෝඨාගෝගමට පහරදුන් 4ක් රිමාන්ඩ්

මහනුවර ගෝඨාගෝගම නැමති විරෝධතාව ස්ථානයට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයන් 4 දෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයයි ඊයේ (10) මෙම නියෝගය ලබාදී ඇත්තේ.

සැකකරුවන් මහනුවර අවට ප්‍රදේශවලම පදිංචිකරුවන් බව සඳහන්. මෙම සිද්ධියට මූලිකත්වය ගෙන ක්‍රියා කළ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.