රනිල් හැමදාම රාජපක්ෂ පවුලේ ගැලවුම්කරුවා – අනුර කුමාර දිසානායක

රනිල් වික්රමසිංහ අගමැති ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම තුළින් ඔහු රටේ ජනමතය තවමත් තේරුම්ගෙන නොමැති බව පෙන්නුම් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
රනිල් වික්රමසිංහ රාජපක්ෂ පවුලේ ගැලවුම්කාරයා බවත් ඔහු බලය ලබාගන්නේ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවයි ඔහු පෙන්වා දෙන්නේ. රටේ පවතින අර්බුදය සහ දූෂණ වංචා වෙනුවෙන් ජනතාව නැඟූ හඬට ඇහුකම්දීමකින් තොරව ජනාධිපතිවරයා ගත් තීරණය ජනතාව පිළිගැනීමට සූදානම් නොමැති බවයි අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ.

