රාජපක්ෂවරු රනිල් සමඟ ඩීල් එකක් – ඕමල්පේ සෝභිත හිමි

රට තුළ පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඕමල්පේ සෝභිත හිමි ප්රමුඛ භික්ෂූන් වහස්සේ පිරිසක් අද (12) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් හමුවී තිබුණා.
මෙම සාකච්ඡාව වෙනුවෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, පූජ්‍ය මහාචාර්ය හොලගන්වත්තේ චන්ද්‍රසිරි හිමි, පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, පූජ්‍ය රජවත්තේ වප්ප හිමි, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ එකළොස්නමක් වැඩමකර සිටියහ.
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මෙම සාකච්ඡාව සඳහා නායක අනුර දිසානායක, ප්රචාරක ලේකම් විජිත හේරත් සහ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස සහභාගි වූහ.
මෙම සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සකස් කිරීමට යන නව ආණ්ඩුව පිළිගත නොහැකි බවටත් ජනතාවගේ වුවමනාව වෙනුවෙන් එය පරාජයට පත් කළ යුතු බවටත් දෙපාර්ශ්වයම එකඟත්වය ප්‍රකාශ කරන ලදී. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ විසින් රටේ පවතින අස්ථාවරත්වය නිමා කිරීම වෙනුවෙන් කෙටි කාලයක් ඇතුළත නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතු බව පෙන්වා දෙන ලද අතර එය සාකච්ඡාවට බඳුන් කරන ලදී.

