පැනවූ ඇඳිරිනීතිය අද පෙරවරු 07ට ඉවතට – යළි සවස 02ට බලාත්මකයි

පැනවූ ඇඳිරිනීතිය අද පෙරවරු 07ට ඉවතට – යළි සවස 02ට බලාත්මකයි

පනවා ඇති ඇඳිරිනීතිය අද (12) උදෑසන 07 සිට පස්වරු 02 දක්වා ලිහිල් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (11) රාත්‍රියේ දී නිවේදනය කළා.

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතියයි මෙලෙස අද පෙරවරුවේ හෝරා කිහිපයකට ඉවත් කෙරෙනුයේ.

එය ප.ව. 02.00ට යළි පැනවෙන අතර පසුදින එනම් මැයි 13 වැනි දින පෙ.ව. 06.00 දක්වා බල පැවැත්වෙනු ඇති.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

COMMENTS