පක්ෂ 10 කණ්ඩායමේ තීරණය එළියට දායි

පක්ෂ 10 කණ්ඩායමේ තීරණය එළියට දායි

පක්ෂ 10 කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ සිටීමට තීරණය කර තිබෙන බව විමල් විරවංශ මහතා පවසනවා

අද (13) මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

මේ අතර මේ පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන්නේ රජයට එක්නොවුණත් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග සඳහා සහාය දක්වා සිටින බවයි.