අරගලයට අත තියන් නැහැ, බහුතරයත් පෙන්වනවා – රනිල් වික්‍රමසිංහ

ගෝඨාගෝගම විරෝධතා තවදුරටත් පවත්වාගෙන යාමට ඉඩ දෙන බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අරගලකරුවන්ට අත තැබීමට පොලිසියට ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කළේ ය.
අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු වාලුකාරාම විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව පැවසීය.
පාර්ලිමේන්තුව තුළ තමන්ට බහුතරයක් ඇති බව තහවුරු කරන බව ද ඔහු සඳහන් කළේ ය.
මාධ්‍යවේදියා: අගමැතිතුමා අරගලයට මොකද වෙන්නේ?
රනිල් වික්‍රමසිංහ: අරගලය ගෙන යනවා. ගෝඨාගෝගමට අත ගහන්නේ නෑ. ඒක ගෙන යන්න ඕනේ. පොලිසියත් කරන් නැහැ මුකුත්. යනුවෙන් පැවසීය

