අද සවස 6.00 සිට හෙට උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතිය

රට පුරා පැනවූ ඇඳිරිනීතිය අද (14) පෙරවරු 06 ට තාවකාලිකව ලිහිල් කර තිබෙනවා.
ඒ අනුව රට තුළ් පැන නැගි හදිසි තත්ත්වය යටතේයි ජනාධිපතිවරයා විසින් ඇඳිරිනීතිය පනවනු ලැබුවේ.
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය යළි අද පස්වරු 06ට බලාත්මක වනු ඇති.
එය ප.ව. 6.00 සිට හෙට (15) පෙ.ව. 5.00 දක්වා බල පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර හිමිවන්නේ නැහැ.

