ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වෙයි

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර නියෝජනය කරමින්, මෙරට කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ ඔස්ට්‍රෙලියාවේ දී යි.
2020 වර්ෂයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ලෙස හුළුගල්ල කටයුතු කළා.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය දේශපාලන බල පෙරළියත් සමග විසුරුවා හැරීමෙන් පසුවයි හුළුගල්ලට නව තනතුරක් ලෙස කොන්සල් ධුරය හිමිවන්නේ.
මොහු මහ බ්‍රිතාන්‍යයේ හා ඔස්ට්‍රෙලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කිරීමට 2020 වර්ෂයේ දී යෝජනා කෙරුණා.
ඒ අනුවයි ඔහුට ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර කොන්සල් ජනරාල් තනතුර හිමිවූයේ.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රෙලියාව අතර අධ්‍යාපනික සබඳතා වැඩි දියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ කාර්මික හා වැඩිදුර අධ්‍යාපන ආයතන සමඟ සබඳතා පුළුල් කර ගැනිමෙන් ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වන පුහුණු ශ්‍රමිකයින්ගෙන් වැඩි ප්රතිලාභ ලබා ගැනීමටත් ජාත්‍යන්තර කාර්යයභාරය ඉටු කිරීමට හුළුගල්ල කටයුතු කළා.

