අනුර කුමාර සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

අනුර කුමාර සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඇමරිකානු තානාපතිනිය හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඒ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදීයි.

සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් අනුර දිසානායක මහතා කියාසිටියේ මෙම හමුවේදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය හා ආර්ථික අර්බුදය සම්බන්ධයේන අදහස් හුවමාරු කරගත් බවයි.

මේ අතර ඇමරිකානු තානාපතිනිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ආර්ථික අර්බුදයට තිරසාර, විසඳුම් කරා යාමට ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නයන් දිරිමත් කිරීම සඳහා තමන් පුළුල් පරාසයක දේශපාලන නියෝජිතයන් හමුවෙමින් සිටින බවයි.

ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන හදිසි අභියෝග ගැන සාකච්ඡා කිරීමට අනුර දිසානායක මහතා හමුවූ බවයි ඇය ප්‍රකාශකර ඇත්තේ.