උද්ධමන ශ්‍රේණිගත ලැයිස්තුවේ ලංකාව දෙවෙනි තැනට

උද්ධමන ශ්‍රේණිගත ලැයිස්තුවේ ලංකාව දෙවෙනි තැනට

ශ්‍රී ලංකා මහබැංකුවෙන් 2022 මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වන වාර්තාව නිකුත් කර තිබෙනවා.

2022 වසරේ මාර්තු මාසයේ දී අපනයන ඉපැයීම්, වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව සුළු අඩුවීමක් දක්නට ලැබෙන බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

නමුත් අඛණ්ඩව 10 වැනි දිනටත් ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති අයුරු දක්නට ලැබෙනවා.

මේ අතර ජාත්‍යන්තර විදෙස් ආර්ථික විශ්වවිද්‍යාලයක සිදු කළ උද්ධමනය අතින් මේ වනවිට ඉහළතම අගයක් ගන්නා රාජ්‍යයන් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

එය ප්‍රතිශතාත්මක 132%ක අගයක් ගන්නා අතර, ශ්‍රී ලංකාව උද්ධමනය අතින් දෙවැනි වන්නේ සිම්බාබ්වේ වෙත පමණයි.

ලෙබනනය සහ තුර්කි රාජ්‍යය ද පසුවන්නේ උද්ධමනය තනි අගයක රඳවා ගත නොහැකිව සිටින තුන්වැනි සහ සිව්වැනි ස්ථානවලයි.