ඉදිරි දින තුනේ තෙල් පෝලිම් වල ඉන්න එපා

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබාදීම අවසන් වනතුරු ඉදිරි දින 03 තුළ ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඩීසල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ(15) දිනයේදී පැමිණි අතර ඉදිරි සති දෙක තුළ ඉන්ධන රැගත් නෞකා තුනක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඉන්දීය ණය පහසුකම හරහා මෙම ඉන්ධන තොගය ලැබෙන බවත් ඉදිරියේදී ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.


