“සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැරයන් අත්අඩංගුවට ගන්න” – අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන් උද්ඝෝෂණයක

නීතිඥවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මේ වන විට කොටුව අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පැවැත්වෙමින් තිබේ.
ඒ, ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැරයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමිනි.
විරෝධතාවයේ නිරත වෙමින් එම සංගමය සදහන් කළේ එකම රටකට නීති දෙකක් අවශ්‍ය නොවන බවයි.
ඊට අමතරව ආණ්ඩුවට විරුද්ධව විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් නීතිඥවරුන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කරයි.

