සේමසිංහගේ පවුම් 60ක්, දුමින්දගේ පිස්තෝලයත් නැති වෙලාලු

සේමසිංහගේ පවුම් 60ක්, දුමින්දගේ පිස්තෝලයත් නැති වෙලාලු

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ තිබු බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය ද උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එච්.බී.සේමසිංහ මහතාගේ නිවසේ තිබු පවුම් 60 ක රන් ආභරණද ගිනි තබන්නට ආ පිරිස් සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

අනුරාධපුර ගුවන් තොටුපල මාර්ගයේ පිහිටි දුමින්ද දිසානායක හා එච්.බි.සේමසිංහ යන මහත්වරුන්ගේ නිවාස දෙකට පසුගිය 09 වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනි තබා එහි දේපලවලට හානි කොට තිබුණි.

මෙම සිද්ධිය අතරතුර දුමින්ද දිසානායක මහතාගේ නිවසේ තිබු ඒ මහතාට රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය කිසිවකු සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

එසේම එච්.බි.සේමසිංහ මහතාගේ නිවසට ආලාභ හානි කිරිමට ආ පුද්ගලයන් නිවසේ අල්මාරියේ තිබු පවුම් 60 කට අධික රන් ආභරණද සොරා ගෙන ගොස් තිබේ.