අද සිට ගෑස් වෙළඳපොලට නිකුත් කෙරේ

අද සිට ගෑස් සිලින්ඩර 80,000 බැගින් වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්රෝ සමාගම සැලසුම් කර තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ගෑස් මෙට්රික් ටොන් 3800ක් රැගත් තවත් නෞකාවක් මේ වනවිට දිවයිනට ළඟා වී ඇති බවයි.
ලිට්රෝ සමාගම ඊයේ ප්රකාශ කළේ, පෙරේ දා පස්වරුවේ දිවයිනට ලඟා වූ ගෑස් මෙට්රික් ටොන් 2800ක් රැගත් නෞකාවේ අඩංගු ගෑස් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොඩබෑමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.
ඒ හේතුවෙන් ඊයේ සහ අද ගෑස් පෝළිම්වල රැදී නොසිටින ලෙසයි ලිට්රෝ සමාගම ඊයේ දැනුම් දුන්නේ.
කෙසේ වෙතත් එම නෞකාව කොළඹ වරාය වෙත රැගෙනවිත් පසුව ඒවා කෙරවලපිටිය ගෑස් තොග ගබඩා පර්යන්තය වෙත ප්රවාහනය කර අනතුරුව බෙදා හැරීමට කටයුතු කරන බවයි සමාගම ප්රකාශ කළේ.

