යුක්‍රේන හමුදා මරියපෝල් නගරය අතහැර යයි

යුක්‍රේන හමුදා මරියපෝල් නගරය අතහැර යයි

යුක්‍රේනයේ මරියපෝල් වරාය නගරය යටත් කර ගැනීම සඳහා මාස තුනකට ආසන්න කාල සීමාවක් පැවති සටන අවසන්ව තිබේ.

ඒ යුක්‍රේන හමුදා සාමාජිකයින් මරියපෝල් නගරයෙන් ඉවත්ව යාමත් සමගයි.

මේ අතර, යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාව සහ යුක්‍රේනය අතර පැවැත්වූ සාකච්ඡා ද අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් ,රුසියාව දිගින් දිගටම යුක්‍රේනයේ අනෙකුත් නගර වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.