ගෑස් සිලින්ඩර් 45,000ක් අද වෙළෙඳපොළට

අද (20) දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 45,000 ක් වෙළෙඳපොළට මුදා හරින බව ලිට්රෝ සමාගම පවසයි.
එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, මුහුදේ කාලගුණය යහපත් වුවහොත් නෞකව මඟින් ගෑස් කෙරවලපිටියට ප්රවාහනය කිරීමට හැකියාව ලැබෙන බවයි.
මේ වනවිට රටතුළ ගෑස් සිලින්ඩර් ලක්ෂ 35 ක් පමණ හිඟව පවතින බව ද සභාපතිවරයා ප්රකාශ කළේ ය.
මේ අතර ගෑස් මිලදී ගැනීම සඳහා ඊයේ (19) දිනයේත් ප්රදේශ රැසක ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියා.

