අගමැති සිහිනය වෙනුවෙන් රනිල් ගෝල්ෆේස් අරගලය පාවා දීල -රාසමානික්කම් ශානක්‍යන්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සූක්ෂමව ගාලුමුවදොර මහජන අරගලය තුළ පාවා දීමට කටයුතු කරමින් ඇති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් පවසනවා.
එතුමාගේ අගමැති සිහිනය වෙනුවෙන් අරගලය පමණක් නොව සියලු ජනතාවත් පාවා දී තිබෙන බව මෙහිදී මන්ත්‍රීවරයා පවසා සිටියා.
ඒ අනුව අගමැතිවරයා අරගල භූමිය සඳහා කමිටුවක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බවත්, විශාල පිරිසක් සිටින ස්ථානයක එවැනි කමිටු දැමීම තුළින්, එම කමිටුවලට යාම සඳහා එතැනම බෙදීමක් නිර්මාණය වන බව ඔහු පෙන්වා දෙනවා.
එසේම එම ස්ථානයේ සිටින පිරිස් සඳහා පහසුකම් සැලසීමට තවත් කමිටුවක් නිර්මාණය කර ඇති නමුත්, එවැනි කමිටුවල කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවද, මහජනතාව එම ස්ථානයට පැමිණ ඇත්තේ එහි පදිංචිවීමට නොව ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉවත්වන ලෙස බල කිරීමට බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
එතුමා අද පාර්ලිමේන්තුවේදී කල සම්පුර්ණ කතාව පහතින් නරඹන්න,

