සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාර්ය මණ්ඩලයට දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාර්ය මණ්ඩලයට දැනුම්දීමක්

අද (20) පාසල් නිවාඩු දිනයක් ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණ ද සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාර්ය මණ්ඩල කලින් යොදාගත් පරිදි හෙට නියමිත රාජකාරී සඳහා සේවයට වාර්තා කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

විභාග ශාලා සඳහා යොදා ගන්නා සියලුම පාසල්වල විදුහල්පතිවරුන් ද අද පාසල්වලට වාර්තා කර විභාග ශාලා සකස් කර ගැනීමේ රාජකාරී සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙසටයි විභාග කොමසාරිස්වරයා දැනුම් දෙන්නේ.

විභාග ශාලාධිපතිවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ නිර්දේශ අනුව විභාග ශාලා නිරීක්ෂණ කටයුතු සදහා නම් කරනු ලබන ගුරු මහත්ම මහත්මින් ද විභාග ශාලාධිපතිවරුන්ගේ කැඳවීම මත අදාළ රාජකාරි සඳහා වාර්තා කළ යුතු වෙනවා.

ඉන්ධන අරපිරිමැස්ම උදෙසා මෙවර නිරීක්ෂක උපදෙස් රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදන ලෙස උපදෙස් දෙන අතර වෙනත් අත්‍යවශ්‍ය කරුණක් වෙතොත් මැයි 23 වන සදුදා දින විභාගය ආරම්භ කිරීමට ප්‍රථම දැනුම් දීමට කටයුතු කළ යුතුයි.