හෙට 22 සිට ජුනි 1 දක්වා දක්වා විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

හෙට 22 සිට ජුනි 1 දක්වා දක්වා විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

සාමාන්‍ය පෙළ විභාගය සදහා පහසුකම් සැලසීම වෙනුවෙන් ලබන 22 සිට ජුනි 1 දක්වා විදුලිය කප්පාදු කාල සටහන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මැයි 22 සහ මැයි 29 වන ඉරිදා දිනයන්හිදී විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

මැයි 22 සිට ජුනි 1 දක්වා අනෙකුත් දිනයන්හිදී පස්වරු 6.30න් පසුව ද විදුලි කප්පාදුවක් සිදු කෙරෙන්නේ නැහැ.

එම දිනයන්වල විභාගය නොපැවැත්වෙන දහවල් 12 සිට පස්වරු 6.30 දක්වා කාලය තුලදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාප සදහා පැය1 විනාඩි 45 සිට පැය 2 විනාඩි 15 දක්වා විදුලි කප්පාදුවක් සිදු වෙනවා.

කාර්මික කලාප සදහා පෙරවරු 5 සිට පෙරවරු 8 දක්වා ද කොළඹ වාණිජ නගර කලාපය සදහා පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වා දෙනිකව පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

විදුලි කප්පාදුව සිදුවන ආකාරය ඇතුලත් සටහන පහතින්,