අගමැතිකම සජිත්ට ගන්න වෙන්නෙත් ගෝඨාභයගේ අතින්, මම ගත්තම වැරැද්ද මොකක්ද ?

අගමැතිකම සජිත්ට ගන්න වෙන්නෙත් ගෝඨාභයගේ අතින්, මම ගත්තම වැරැද්ද මොකක්ද ?

සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් විසින් රෙද්දක් ඇඳන් අමාත්‍යධූරය භාරගන්නේ කෙසේදැයි යන්න ප්‍රශ්න කරනු ලබන බවත් එයට තමාට පිලිතුරු ලෙස ලබා දිය හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාත් අගමැතිකම ලබා ගැනීමට කැමැත්ත පල කල බවත් එසේනම් ඔහුට එය ලබා ගැනීමට සිදුවන්නේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින්ම බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (23) සිය අමාත්‍යාංශයේදි සිය අමාත්‍යධූරයෙහි වැඩ භාරගනිමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එමෙන්ම ඉදිරියේදි කෙටි කාලීනව සංචාරකයන් 10,000 – 15,000ක් ගෙන්වා ගැනීමට මේ වනවිටත් වැඩපිලිවලක් සකස් කර ඇති බවත් ඔහු පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මම කිව්වා හිරිකිතයක් තියෙනවා කියලා. ඒක තාම මට තියෙනවා. ඒ පුද්ගලයාට නෙමෙයි. ජනාධිපති කියන තනතුරටයි ගරු කළ යුත්තේ. සජබයේ සමහරු අහනවා කොහොම ද රෙද්දක් ඇඳන් ගිහින් ඇමතිකම භාරගත්තේ අහනවා. පැහැදිලිව කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් අගමැතිකම ගන්නම් කිව්වා. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැතිකම ගන්නේ කාගෙන්ද ? මගෙන් ද? නෑනේ. එතුමාට ගන්න වෙන්නෙත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන්. බොළඳ ප්‍රශ්න නෙමෙයි මේ රටේ ප්‍රශ්නය ගැන හිතමු. මගේ හෘද සාක්ෂියට ඒක විරුද්ධයි. ඒත් මම මේ වෙලාවේ ගත්තේ, නිර්පාක්ෂික ආණ්ඩුවකට මගේ පක්ෂයෙන් ස්වාධීන වෙලා තියෙන මොහොතක ගත්ත තීරණයක්. ඒක ගැන ආඩම්බරයි.” යනුවෙන් පැවසීය.