ගෝඨාභය වහාම ඉවත් විය යුතුයි – මහේල ජයවර්ධන

ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් වහාම ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
පෙට්‍රල් හා ඖෂධ නොමැතිවිම හේතුවෙන් සිදුවූ කුඩා දරුවන්ගේ මරණ දෙකක් පිළිබඳව වෛද්‍යවරියක තැබූ සංවේදී සටහනක් සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කරමින් මහේල මේ බව පවසයි.
ඔහු ට්විටර් ගිණුමේ තැබූ සටහන පහතින්,
“ගෝඨාභය රාජපක්ෂ මෙම කියවා වරදක් ඇති බව හැගෙන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතුයි. මෙම තත්ත්වයට ඔහු සෘජුවම වගකිව යුතුයි. ඒ වගේම මේ පරිපාලනයේ කොටස්කරුවන් වූ සියලු දෙනා” යනුවෙන් පවසා සිටියි.




