ජනතාවට වේල් තුනම කන්න දෙනවා – රනිල්ගෙන් සහතිකයක්

ජනතාවට වේල් තුනම කන්න දෙනවා – රනිල්ගෙන් සහතිකයක්

ජනතාවට කෑම වේල් තුනක් ලබා දීමට තමන් වහා ම ප්‍රමුඛත්වය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය නිල ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට උපකාර කරන බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහතික වී ඇතැයි ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබේ.