තවත් 10කට ඇමති පට්ටම්

තවත් කැබිනට් අමාත්‍යවරු 10 දෙනෙකු අද (23දා) දිවුරුම් දිමට නියමිතය. ඒ යටතේශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්ෂෙහාන්සේමසිංහ, ජානක වක්කුඹුර,එස්.එම්. චන්ද්‍ර සේන. විදුර වික්‍රමනායක, ඩග්ලස්දේවානන්දා, දිලුම් අමුණුගම ඇතුළු තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකුට අමාත්‍යධුර ලැබීමට නිමිත බව වාර්තා වෙයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජය කරමින් එහි උපලේකම් මහින්ද අමරවීර මහතා අමාත්‍ය ධුරයක දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව සමස්ත කැබිනට් මණ්ඩලට අමාත්‍යවරුන් 25 දෙනෙකු ඇතුළත්වෙයි. එම අමාත්‍යාංශ වල නියෝජ්‍ය අමාත්‍යවරුන්දිවුරුම් දීම හා ලේකම්වුන් පත්කිරිමද මේ සතිය තුළ සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම අමාත්‍යවරුන්ගේ නම් හා එම අමාත්‍යාංශවල විෂය පථ ගැසට් කිරිමද මෙම සතිය තුළ සිදුවනු ඇතැයිද කියැවෙයි.
මේ වන විට ජනාදිපතිවරයා හා අගමැතිවරයාට ඇතුළුව කැබිනට් මණ්ඩලයේ 15 දෙනෙකු දිවුරුම් දී ඇත. මේ සමඟ කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර 25ක් දක්වා ඉහළ නැංවෙයි.

