බස් ගාස්තුව ඉහළට

බස් ගාස්තුව සියයට 19.5කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව නව බස් ගාස්තුව ලෙස අවම මිල දැක්වෙනුයේ රුපියල් 32ක් ලෙසයි.
මෙලෙස බස් ගාස්තුව ඉහළ දැමීමට අද (24) දිනයේ දී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අනුමැතිය හිමිවුණා.
අද අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන මිල ගණන් වැඩිවීමත් සමගයි මෙලෙස බස් ගාස්තු සංශෝධනයකට යොමු වූ බවයි ලංකා ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

