සිපෙට්කෝ හා අයි.ඕ.සී යළිත් ගනන් උස්සයි

සිපෙට්කෝ හා අයි.ඕ.සී යළිත් ගනන් උස්සයි

අද (24) අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ පවතින තත්ත්වය අනුව ලෝක වෙලෙඳපොළේ පවා බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක මෙම තීරණය ගැනීමට සිදුවන බවයි.

මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමි වුණා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සඳහන් වන්නේ රුපියල් 420.00ක් ලෙසින්.

එහි පැරණි මිල පැවතියේ රුපියල් 337.00ක් ලෙසට යි.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 450.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වර්ගයේ පෙට්‍රල් ලීටරයක පැරණි මිල සටහන් වූයේ රුපියල් 373.00ක් ලෙසට යි.

රුපියල් 289.00ට මිල කර තිබූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 400ක් දක්වා ඉහළ දමා ඇති බවයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111.00කින් වැඩි වී තිබෙනවා.

මීට අමතරව රුපියල් 329.00ට මිල කර තිබූ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 445.00ක් දක්වා ඉහළ දැමීමට යි තීරණය කර ඇත්තේ.

මෙම අවසන් මිල වැඩි වීම සිදු වූයේ පසුගිය අප්‍රේල් මස 19 වන දා යි.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම ද සිය මිල ගණන් සිපෙට්කෝ මිල ගණන්වලට සමානව ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව (IOC) පෙට්‍රල් හා ඩීසල්වල මිල ගණන් මේ අනුව ඉහළ යනු ඇති.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්..,