මුදල් ඇමතිකම බාරගන්න හර්ෂගෙන් කොන්දේසියක්

තමන් මුදල් ඇමතිකම බාරගන්න අකමැති නොමැති බවත් එය සිදු විය යුත්තේ ජාතික ආණ්ඩුවක් යටතේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය.
කෝප් කමිටු රැස්වීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මම දේශපාලඥයෙක්, මම ආර්ථික විද්‍යාව පිළිබඳව යම්කිසි දැනුමක් තියෙන කෙනෙක්. මේ රටේ මුදල් ඇමති කියන එක භාර ගන්න මම අකමැතියි කියලා හිතනවද? මිනිස්සු මෙච්චර ගන්න කියද්දී මොකක්ද මම මේ කරන්නේ. මුදල් ඇමතිකම කියන එක මට පුද්ගලිකව ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඒක රටට ජයග්‍රහණයක් නෙමෙයිනේ. රටට ජයග්‍රහණයක් වෙන්නේ, මම මුදල් ඇමතිකම ජාතික ආණ්ඩුවක ගත්තොත්. ඇයි මේ නායකයන්ට මේක තේරෙන්නේ නැත්තේ. ඇයි අපිට තේරුම් ගන්න බැරි අපිට මේ ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ අපි ඔක්කොම එකතු වුණොත් කියලා” යනුවෙන් පැවසීය.

