මෙරට බොහෝ දෙනෙකුට රැකියා අහිමි වීමේ අවධානමක් – නන්දෙගෙන් විශේෂ හෙළිදරව්වක්

වත්මන් ආර්ථික අර්බුදය මත ඉදිරියේ දී බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී යාමේ අවධානමක් පවතිනු ඇති බවට මහ
බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.
ඔවුන්ට දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටීමට සිදු වන අතර, සතියකට පමණ අවශ්‍ය බඩු භාණ්ඩ ප්‍රමණය ගැනීමට වත් ආදායමක් නැති වනු ඇති බව යි මහබැංකු අධිපති හෙළි කරන්නේ.
ලබන වසර වන විට මෙම අර්බුදය නිවැරැදි මාවතකට රැගෙන ආව ද රට යහපත් අතකට ගැනීම අපහසු බව ඔහු සඳහන් කරනවා.
මේ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය කව දා ප්‍රකෘති තත්ත්වයට පත් වෙයි දැ යි කිව නො හැකි බවත් මහබැංකු අධිපතිවරයා අවධාරණය කළ බව සඳහන්.
විශේෂයෙන් දැනට රටේ පවතින විදේශ සංචිත ප්‍රමාණය එක් සතියකටත් ප්‍රමාණවත් නො වන බව යි මහබැංකු අධිපති පවසන්නේ.
මේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ගෙන්වීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරනවා.

