රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් අද දිවුරුම් දෙයි ?

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
එම ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස් වනු ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ස්වාධීන වූ කණ්ඩායමෙන් ද මන්ත්‍රීවරුන් එක් වීමට නියමිත බව වාර්තා වනවා.
රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වෙනම විෂයන්, විෂය පථයන් ගැසට් කිරීමත් ඒ සඳහා වෙනම ලේකම්වරුන් පත් කිරීමටත් නියමිත ව ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.
පසුගියදා තවත් කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද දිවුරුම් දුන්නා.
ඒ අනුව නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ යනවා.

