සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ

ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට ලෝක බැංකුව සැලසුම් නොකරන බවත්, ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දීමේදී IMF සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සඳහා ආර්ථිකමය ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා වන නිශ්චිත ප්‍රතිපත්තිමය රාමුවක් ශ්‍රී ලංකාව විසින් සකස් කළ ගත යුතු බව ද ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
ශ්‍රී ලංකාව සඳහා දැනටමත් අනුමත කර ඇති ඇතැම් මූල්‍ය ව්‍යාපෘති නැවත සමාලෝචනය කර එම මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙන්ම දිළිඳු ජනතාව සඳහා සහන ලබාදීම, ගොවීන් සහ කුඩා ව්‍යාපාර සඳහා අවශ්‍ය සහන ලබාදීම සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද ලෝක බැංකු නිවේදනයෙන් දැක්වෙනවා.

