අදත් ගෑස් එන් නෑ – පෝලිම්වල ඉන්න එපා

අද (26) දිනයේ දීත් දිවයිනේ කිසිදු ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයක ගෑස් බෙදීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ඒ නිසා කිසිදු පාරිභෝගිකයෙකු අද දිනයේ දී පෝලිම්වල රැඳී නොසිටිය යුතු බවටයි ඔහු ප්‍රකාශ කළේ.
රට මේ වනවිට පත්ව ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් සාමාන්‍ය ජනතාවට එය විශාල වශයෙන් සිය දෛනික ජීවිතයට බලපෑම් එල්ල කර තිබෙනවා.
විදේශ විනිමය නැතහොත් රටට ඩොලර් අහිමිවීමේ ක්‍රියාවලිය මත ආනයනය කරනු ලබන ගෑස් නෞකාවලට ගෙවා ඒවා වරායෙන් නිදහස් කරගැනීමේ අර්බුදයක් ද මේ වනවිට මතුව ඇති අතර, මේ හේතුවෙන් රට පුරා ගෑස් හිඟයක් නිර්මාණය වී තිබෙනවා.
එබැවිනුයි ගෑස් ලබාගැනීමට ජනතාව පෝලිම්වල රැඳී සිටින්නේ.

