රතු ගරිල්ලා බලකායේ නිර්මාතෘවරියට නිදහස

ජපාන රතු හමුදාවේ නිර්මාතෘවරිය ෆුසාකෝ ෂිගෙනොබු විසි වසරක සිර දඬුවම නිමවා අද බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණා.
70 සහ අසූව දශකවල ලොව වඩාත් කුප්‍රකට කාන්තාවක ලෙස හැඳින්වූ ෂිගෙනොබු ලොව පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කළේ පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන්.
20 හැවිරිදිව සිටියදී වියට්නාම් යුද්ධයට එරෙහිව ටෝකියෝ සරසවියේ සිසුන් සිදුකළ විරෝධතාවක් දැක අන්තවාදී අදහස්වලට යොමුවූ ඇය, වයස අවුරුදු විසි පහේදී ජපානයෙන් නික්මී මැදපෙරදිග කලාපයට පැමිණ තිබෙනවා.
පී.එෆ්.එල්.පී. හෙවත් පලස්තීන විමුක්තිය සඳහා වූ ජනප්‍රිය පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු හා විවාහ වූ ඇයට දියණියක්ද සිටින අතර, සිය මව නිදහස්වීම පිළිබඳව ඇය සතුට පළ කළා.
1972 වසරේ ඊශ්‍රායලයේ ටෙල්අවීව් ගුවන් තොටුපලට එල්ල කළ ප්‍රහාරයේ සැළසුම්කරු ලෙස සැළකෙන ෂිගෙනොබු, 1974 වසරේ නෙදර්ලන්තයේ හේග් නුවර ප්‍රංශ තානාපති කාර්යාලයේ ප්‍රාණ ඇපකරු සිද්ධියටද සම්බන්ධ තැනැත්තියක්.
තිස් වසරක් මැදපෙරදිග ගත කළ ඇය, නැවත ජපානයට පැමිණි විටයි අත්අඩංගුවට ගනු ලැබුවේ.
නිදහස ලැබූ 76 හැවිරිදි රතු ගරිල්ලා බලකායේ නිර්මාතෘවරිය සඳහන් කළේ තම සංවිධානයේ අරමුණු කිසිවක් සාක්ෂාත් කරගත නොහැකි බවයි.

