Update:- අතුරුදන් වූ ගුවන් යානය කඩාවැටී ඇති බවට හෙළිවෙයි

මගීන් 22ක් සමග අතුරුදන් වූ නේපාල ගුවන්යානය කඩා වැටී ඇතැයි හෙළිවී තිබෙනවා.
එම යානය කොවංග් ගම්මාන ප්‍රදේශයේ ගංගාවක් අසලට කඩා වැටී ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ගුවන්යානයේ අනතුරට හේතුවක් මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.
පුද්ගලයන් 22ක් සමග අතුරුදන් වූ මෙම ගුවන්යානය සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබුණා.
මුස්ටැංග් සහ පොකාරා අතර ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු සඳහා නේපාල රජය විසින් පෞද්ගලික හෙලිකොප්ටර් යානා දෙකක් ද යොදවා තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ ගුවන් යානය ලැම්චේ ගං මෝය අසලදී කඩා වැටී ඇති බවයි.
නේපාල හමුදාව ගොඩබිම් සහ ගුවන් මාර්ගයෙන් එම ස්ථානය දෙසට මේවන විට ගමන් කරමින් සිටිනවා.
යානයේ ගමන් කළ ඉන්දීය ජාතිකයන්ගේ නම් හෙළිවී ඇති අතර ඔවුන් එකම පවුලේ සාමාජිකයන් පිරිසක් බවටයි විශ්වාස කෙරෙන්නේ.
මෙම ගුවන්යානය ගමන් කළ ගුවන් කලාපය අවට භූමියේ නේපාල හමුදාව සහ පොලිසියේ විශේෂ කණ්ඩායම් කිහිපයක් ද සෝදිසි කටයුතු වෙනුවෙන් යොමුකර තිබෙනවා.

