ආච්චි වෙසින් ආව මිනිසා ලුවියර් කෞතුකාගාරයේ යකා නටයි

ආච්චි වෙසින් ආව මිනිසා ලුවියර් කෞතුකාගාරයේ යකා නටයි

මොනාලිසාටත් කේක් ප්‍රහාරයක්

ප්‍රංශයේ ලුවියර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති ලියනාඩෝ ඩාවින්චිගේ සුප්‍රකට මෝනාලිසා සිත්තමට වයස්ගත කාන්තාවක ලෙස පෙනී සිටිමින් රෝද පුටුවකින් පැමිණි පුද්ගලයෙකු කේක් තවරා හානි කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව රොයිටර් වාර්තා සඳහන් කර තිබේ.

එම වයස්ගත කාන්තාවක ලෙස පෙනී සිටි ඔහු ඉන් නැගිට මොනාලිසා සිතුවමෙහි ආරක්ෂිත වීදුරුව බිඳීමේ අරමුණෙන් සිතුවමට පහර දී ඇති අතර එය අසාර්ථක වූ විට ඔහු රැගෙන ආ කේක් ගෙඩියක් එහි තවරා සිතුවම හානි කිරීමට උත්සාහ කර ඇත.

මොහු ලෝක කාලගුණ වෙනස පිළිබද ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ලෙසට තොරතුරු වාර්තා වේ.

https://bit.ly/3zeMAbw