දකුණේ හයියට උතුරත් එයි

දකුණේ හයියට උතුරත් එයි

දකුණේ අරගලවලට උතුරේ සහයෝගය ලබා දීමට යාපනයේ වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංවිධාන තීරණය කර තිබෙනවා. යාපනේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සහ යාපනයේ ඇතැම් වෘත්තීය සමිති එකට ඒකාබද්ධවයි මේ සඳහා එකඟතාවයකට පැමිණ ඇත්තේ.

ඊයේ (29) ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සහ තවත් පිරිසක් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සහ යාපනයේ වෘත්තීය සමිති සමග කළ සාකච්ඡාවකින් අනතුරුවයි අදාළ පාර්ෂවය මේ සඳහා සිය එකඟතාවය පළ කර තිබෙන්නේ.

උතුරේ සහ දකුණේ ශිෂ්‍යයන්ට සහ ජනතාවට ඇති ගැටලු විසඳා ගැනීමට තනි තනිව සටන් කොට විසඳුම් ලබා ගැනීම දුෂ්කර බැවින් උතුරේ සහ දකුණේ ජනතාව එකට එක්ව සිය ප්‍රශ්න ගැටලුවලට පිළිතුරු සෙවීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මින් ඉදිරියට උතුරේ ප්‍රශ්න වෙනුවෙන් දකුණේ ජනතාවගේ සහයත්, දකුණේ ප්‍රශ්න වෙනුවෙන් උතුරේ ජනතාවගේ සහාය ලබා ගැනීමත් වෙනුවෙන් එකඟතාවක් ගොඩ නගා ගැනීම මෙම සාකච්ඡාවේ දී සාකච්ඡා වී ඇත.

COMMENTS