දුමින්ද අත්අඩංගුවට

ජනාධිපති සමාව යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මරණ දඬුවමෙන් නිදහස් කරන ලද දුමින්ද සිල්වා සිය භාරයට ගත් බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙකු ප්‍රකාශ කළේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ඔහු අත්අඩංගුවට ගත් බව ය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වහා ම අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (මැයි 31) නියෝග කළේ ය.

