O/L අදින් අවසන් – සිසුන්ට විශේෂ දැනුම් දීමක්

O/L අදින් අවසන් –  සිසුන්ට විශේෂ දැනුම් දීමක්

සා/පෙළ සිසුන්ට විශේෂ පණිවුඩයක් මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටින සියලුම අපේක්ෂකයින් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

කිසියම් අපේක්ෂකයෙක් ගංවතුර හෝ වෙනත් ආපදා තත්ත්වයක් හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි නම් ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානය වෙත ගොස් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

මේ අතර මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා.

2021 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත් වීමට තිබූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 05ක් කල් දමා තිබු අතර එය මැයි 23 වනදායි ආරම්භ වුනේ.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 407,129ක් හාපෞද්ගලික අයදුම්කරුවන් 110 ,367ක් පෙනී සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,842ක හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542 ක විභාග කටයුතු පැවැත්වුනා.