අද සිට යළි විදුලිය කපයි

අද සිට යළි විදුලිය කපයි

අද (02දා) සිට නැවත විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

ඒ අනුව අද සහ හෙට (02 සහ 03) දහවල් කාලයේ පැය 02 ක් බැගින්ද, 04 වැනිදා දහවල් පැය 01 ක් සහ 05 වැනිදා විදුලිය විසන්ධි නොකිරීමටද මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.

මෙතෙක් පැවැති සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවූ අතර ඊයේ (01දා) සා.පෙළ විභාගය අවසන් වීමත් සමඟ නැවත විදුලි කප්පාදුවට පියවර ගෙන තිබේ. බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාව ලැබීම නිසා ජල විදුලිය උපරිම ලෙස ලැබෙන අතර ඉන්ධන හිඟය හේතුවෙන් තාප බලාගාර කිහිපයක් ක්‍රියාත්මක නොවීම නිසා තවදුරටත් විදුලි කප්පාදුව සිදුව තිබේ.