ලොවක් බලා සිටි නඩුවෙන් මිලියන 15ක වන්දියක් සමඟ ජොනී ඩෙප් ජයගනී

සුප්‍රකට හොලිවුඩ් නළු ජොනී ඩෙප් ඔහුගේ හිටපු බිරිඳක වන ඇම්බර් හර්ඩ් සමඟ පැවති නඩුව ජයග්‍රහණය කර තිබෙනවා.
ලොව පුරා මහත් කතාබහට ලක්වූ මෙම නඩු කටයුත්තේ ජූරි සභාව තීරණය කර ඇත්තේ 2018 washington post වොෂිංටන් පෝස්ට් පුවත්පතේ පළ වූ වාර්තාව අපහාසාත්මක එකක් බවයි.
මේ අනුව ජොනී ඩෙප් හට ඇමරිකානු ඩොලර් මිලියන 15ක වන්දියක් ගෙවන ලෙසටත් අධිකරණය ජොනී ඩෙප්ගේ හිටපු බිරිඳ වන ඈම්බර් හර්ඩ් හට නියෝග කර තිබෙනවා.
මෙම නඩුව අමෙරිකාවේ වර්ජීනියා අධිකරණයේ දී විභාගයට ගැනුණා.
2015 වර්ෂයේ දී විවාහ දිවියට එළැඹි ප්‍රකට නළු ජොනී ඩෙප් සහ ප්‍රකට නිළි අම්බර් හර්ඩ් මාස 16කට පසු දික්කසාද වූ අතර පසුව ඇය විසින් රචනා කරන ලද කෘතියක් තුළින් ජොනී ඩෙෆ් ඇයව ගෘහස්ත හිංසනයට ලක් කළ බවට චෝදනා කර තිබුණා.
අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අම්බර් හර්ඩ්ගේ පාර්ශ්වයෙන් මනෝ වෛද්‍යවරයෙක් සහ ජොනී ඩෙප් දිර්ඝ කාලයක් සම්බන්ධතා පැවැත්වු බ්‍රිතාන්‍ය නිරූපණ ශිල්පිනියක් වන කේප් මෝස් ඉදිරිපත්ව සිටීම ජාත්‍යන්තරයේ අවධානයට ලක්වූ කරුණක් වුණා.
ජොනී ඩෙප්ට චෝදනා කරමින් අධිකරණයේ දී කරුණු දැක්වු අම්බර් හර්ඩ්ගේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ ජොනී ඩෙප් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අසහනකාරී අන්දමින් සිය සේවාදායිකාවට හිංසන සිදුකර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වන නඩු විභාගය අදියර කිහිපයක් ඔස්සේ පැවැත්වුණා.

