රටම කම්පනයට පත්කළ අරන්තලාවේ භික්ෂු ඝාතනයට අදට වසර 35ක්

1987 ජූනි 02 දා උදෑසන අම්පාර-අරන්තලාව මාර්ගයේදී කොටි ත්‍රස්තවාදීහු හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ 32 නමක් කපා කොටා ඝාතනය කළහ.
කොටි ත්‍රස්තවාදීන් එකම ස්ථානයක භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් ඝාතනය කළ අවස්ථාවක් ලෙස මෙය සැලකෙනවා
අරන්තලාව භික්ෂු ඝාතනය මෙරට බෞද්ධ ජනතාව කම්පනයට පත් කල දවසක් බවට ඉතිහාසයට එක් වෙනවා.
මෙම කණගාටුදායක සිදුවීම සිහිවීම සඳහා අරන්තලාවේ එම ඝාතනය සිදු කළ ස්ථානයේ විශේෂ ස්මාරකයක්ද ඉදි කර ඇත.
යළිත් මෙවැනි සිදුවීම් මේ රට තුල සිදු නොවීමට වගබලා ගැනීම අප කාගේත් වගකීමක් වෙනවා.




