රෝහලකට වෙඩි ප්‍රහාරයක් – තුනක් මරුට

රෝහලකට වෙඩි ප්‍රහාරයක්  – තුනක් මරුට

ඇමරිකාවේ ඔක්ලොහෝමා ප්‍රාන්තයේ රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.

තුවක්කුවක් අතැතිව රෝහලට කඩාවැදුනු පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර ඇති අතර, මියගිය පිරිසට ඔහු ද ඇතුළත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සිද්ධිය වූ අවස්ථාවේදී පොලිසිය ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් ඇතුලු 21 දෙනෙකු මියගොස් සතියක් ගතවීමට පෙරයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

https://bit.ly/3x8eDYM