රුසියාවේ ආයතන 71ක් ඇමරිකාව අසාදු ලේඛනගත කරයි

රුසියාවේ ආයතන 71ක් අසාදු ලේඛනගත කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.
නැව්, ගුවන් යානා නිෂ්පාදනය කරන ආයතන, සහ පර්යේෂණ සිදු කරන ආයතන ද එලෙස අසාදුලේඛනයට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.
1934 වසරේ සිට එරට විශාලතම මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා නිෂ්පාදනය කරන සමාගමක්ද ඊට ඇතුළත් වනවා. රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාරයක් ලෙස ඇමරිකාව විසින් රුසියානු ආයතන අසාදු ලේඛණගත කිරීම ආරම්භ කළේ පසුගිය පෙබරවාරි මාසයේදියි.
ඒ අනුව මේ දක්වා ඇමරිකාව විසින් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති රුසියාවේ සහ බෙලරුස් රාජ්‍යයේ මුළු ආයතන සංඛ්‍යාව 322ක්.

